• Tue. Feb 7th, 2023

බැංකොක් හි බෝම්බ පිපිරීමක්

bankok

තායිලන්තයේ, බැංකොක් නගරයේ අද (17දා) සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මධ්‍යම බැංකොක් නුවර චිඩ්ලෝම් දිස්ත්‍රික්කයේ හින්දු ආරාමයක් අසල සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු මිනිසුන්ගේ ශරීර කොටස් ඇතුළු සුන්බුන් රැසක් විසිර තිබූ බවත්, 80කට ආසන්න පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

තායිලන්ත වේලාවෙන් රාත්‍රී 7.00 ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙය යතුරුපැදි බෝම්බයක් විය හැකි බවට සැක කෙරෙයි.

මෙම බෝම්බ ප්‍රහාරය එරට සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඉලක්ක කළ බෝම්බයක් බව තායි රජය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *