• Mon. Jan 30th, 2023

nimal sirila and ranil wickremesinghe

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් මේ වන විට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බව වාර්තා වෙනවා.මහ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මෙම සාකච්ඡුාව පැවැත්වෙන බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේවෙතත් එහිදී සාකච්ඡුා වන කරුණු පිළිබඳ කිසිවක් හෙළි වී නොමැති අතර මේ වන විටත් එම සාකච්ඡුා සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා.

මේ අතර එජාප නායකත්ව මණ්ඩල ප්‍රධානී කරූ ජයසූරිය මහතා පවසන්නේ,ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රායට අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ සියලු පිරිස් එකතු කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අදහස් කළ බවත් ඒ අනුව ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට හැකි වනු ඇති බවත්ය.

ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ඉදිරි මාස හැට තුළ රටේ විශාල වෙනසක් ඇති කරන බව අමාත්‍යවරයා පැවසීය.

ranil and nimal siripalaඑක්සත් ජනතා නිදහස් සන්ධානයද සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී නියෝජ්‍ය අගමැති පදවියක්ද ඇති කිරීම පිළිබඳව තවම අවධානය පළ වී නොමැති බව හෙතෙම පැවසීය.

එවැනි පදවියක් ඇති කරන්නේ නම් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා නව පදවියට පත් කිරීම පිළිබඳව අවධානය පළ වී තිබෙන බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී සිටින නමුත්, මෙය එජාපයේ සුවිශේෂී ජයග්‍රහණයක් නොවන බව ඇතැම් විවේචකයන්ගේ මතයයි.විශේෂයෙන්ම ග්‍රාමීය ජනකොටස් වෙත සමීප වීමට මෙවරත් එජාපය සමත් වී නැති බව ඔවුන්ගේ විග්‍රහයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *