දැනට ගණනය කරමින් පවතින මනාප ඡන්ද පිළිබඳ අප වෙත ලැබෙන නිල නොවන ආරංචි අනුව මෛත්‍රී රජය යටතේ ඇමතිකම් ලබාගන්නට ගිය එජනිස පිරිවර අතර වැඩිදෙනෙකුට මනාප අඩුවී පාර්ලිමේන්තු අසුන අහිමි වී තිබෙනවා.
පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවේදී හූ සංග්රහයන්ටද මේ ඇතැම් අය ලක්වූ අතර මේ අටහර සිටිනවා.
එම පිරිස අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කලෑස් බී දිසානායක,මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කල හිටපු ඇමති ලක්ෂ්මන් යාපා, කළුතරින් තරඟ කල මහින්ද සමරසිංහ, කුරුණෑගලින් තරඟ කල ශාන්ත බණ්ඩාර, මාතලේ නන්දිමිත්ර ඒකනායක, ගාල්ලේ පියසේන ගමගේ හා මොනරාගල විජිත් විජිතමුනි සොයිසා හා ජගත් පුෂ්ප කුමාර යන හිටපු අමාත්‍යවරුන්ද,හම්බන්තොට ලැයිස්තුවේ නිරූපමා රාජපක්ෂටද මේ ඉරණම අත්ව තිබෙනවා.
එමෙන්ම ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ නියෝමාල් පෙරේරා, දයාශ්‍රිත තිසේරා, මිල්රෝයි පෙරේරා, වික්ටර් ඇන්තනි යන අපේක්ෂකයන්ට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකිවී ඇත.
කෙසේ වෙතත් ලැබෙන ආරංචි අනුව මහින්දට විරුද්ධවීම නිසා මේ ප්රතිවිපාකය අත්දුටු මේ අය අතරින් හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුට ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රී ධූර ලබාදෙන්නට ජනපතිවරයා සූදානමින් සිටින බවද වාර්තා වුණා.
https://www.facebook.com/apearata/videos/829851347122668/?video_source=pages_finch_main_video