මෙවර පැවති 2015 මහ මැතිවරණයේ නිල ඡන්ද ප්රථිපල නිකුත් වෙන මේ මොහොතේ හිටපු ජනපති මෙන්ම සන්ධාන මැතිවරණ මෙහෙයුම දියත් කිරීමට මූලික වූ කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයෙන් පරාජය පිළිගෙන ඇති බවට වාර්තා පළ වෙනවා.
මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්රංශ පුවත් සේවය කියයි.
පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.
“අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටහනක් දුන්නා.”
ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ ප්රංශ පුවත් සේවයට අදහස් දැක්වීමෙනුයි.
ඒ බව ඔවුන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇති ආකාරය