චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් නව අමාත්‍ය මණ්ඩලයට එක් කර නොගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමි පැවැසීය. අමාත්‍යංශ ලේකම්වරු ලෙස දක්ෂයින් පත් කරගැනීමට ක්‍රියා කළ යුතු අතර පරිපාලන ක්ෂේත්රය තුළ එවැනි දක්ෂයින් නොමැතිනම් විශ්‍රාම ගිය දක්ෂයින් හෝ අමාත්‍යාංශ ලේකම්ධුර සඳහා පත් කිරීමට වගබලා ගත යුතුව ඇතැයි හිමියෝ සඳහන් කළේය.
එසේම සංස්ථා, මණ්ඩල ආදියේ සභාපතිවරු පත් කිරීමේදී නෑදෑ හිතවතුන්, පාක්ෂිකයින්, පරාජයට පත් වූ අපේක්ෂකයින් වැනි අය පත් නොකර ඒ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් පත්කළ යුතුව ඇතැයිද හිමියෝ සඳහන් කළහ.
පාර්ලිමේන්තුව තුළ සම්මත කෙරෙන මූල්‍ය ප්‍රතිපාදනවලින් කෙරෙන කාර්යයන් සෘජුවම මෙම ආයතන හා බැඳී පවතින හෙයින් තනතුරු සඳහා සුදුස්සන් පත්කිරීම යහපාලනය ඇති කිරීමේදී ඉතා වැදගත් වන බවද හිමියෝ අද (19) සමාජයීය හා සාමූහික කේන්ද්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.