• Tue. Feb 7th, 2023

පක්ෂ,විපක්ෂ මනාප කොල්ලකෑමක් පිළිබඳ තොරතුරු එළියට..?

vote coruption
පැවති මහ මැතිවරණයේ සිදුවුණා යැයි කියන මනාප කොල්ලයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා.ප්‍රබල දේශපාලකයන් රැසක් මෙම මනාප කොල්ල කෑම පිළිබඳ තොරතුරු මැතිවරණයෙන් පසු පැවති ජයග්‍රාහී සාද වලදී වමාරා ඇති බවටයි අප වෙත තොරතුරු වාර්තා වී තිබෙන්නේ.

මේ අතරට පසුගිය කාලයේ සිටි සුදු චරිත කිහිපයක්ම එක්ව ඇති බවට වාර්තා වීම නම්, ඉතාමත් කණගාටුදායක තත්වයක්.අවසන් මනාප ගණනය කිරීම අවස්ථාවේ විවිධ කේවල් කිරිම් මඟින් පරාජිත අපේක්ෂකයන්ගේ ඡන්ද කොල්ලකෑම මඟින් සැබෑ මනාප ලැබු අපේක්ෂකයන් පරදවා ඉහළට ඒම පමණක් මොවුන්ගේ එකම අපේක්ෂාව වූ බවටයි අප හට වාර්තා වන්නේ.ඒ සඳහා අනෙකුත් ජයග්‍රාහී අපේක්ෂකයන්ද කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ බවටත්, විවිධ ඉහළ තැන් වලින් එල්ලවූ බලපෑම් හමුවේ මෙම කටයුතු ඉතා හොඳින් සිදු කෙරුනු බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

විවිධ සමීක්ෂණ වාර්තා වලින් මෙන්ම බුද්ධි අංශ වාර්තා මඟින්ද පරාජයට පත්වීමේ ඉඩකඩක් පවතින චරිත ලෙස ප්‍රසිද්ධ වූ කිහිප දෙනෙක් මෙන්ම,පාර්ලිමේන්තුවට ප්‍රථමවරට පිවිසීම සඳහා මනාප සටන් වල යෙදුන අපේක්ෂකයන් රැසක් මෙම මනාප කොල්ලය වෙස් වලාගත් ආශිර්වාදයක් සේ සලකා තමන්ගේ ගොඩ වැඩිකර ගැනීම සඳහා ක්‍රියා කල ඇති බවටයි වාර්තා වන්නේ.එකම පක්ෂයේ අයගේ මෙන්ම මැතිවරණය සඳහා වෙනත් පක්ෂ වලින් එක් වූ අපේක්ෂකයන් රැසකගේ මනාපත් මේ ආකාරයට කොල්ල කා ඇතැයි සඳහන්.

කොළඹ,ගම්පහ සහ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල මෙම තත්වය වැඩි වශයෙන් ඉතා හොඳින් පැවති බවත් ඒ සඳහා කිසිඳු වගකිවයුතු නිලධාරියෙක් මැදිහත් නොවී හිතු හිතූ ලෙස ඔවුනට ඒම කටයුතු සිදුකරදිමට ඉඩ ලබා දි තිබුන බවටයි වැඩිදුරටත් වාර්තා වූයේ.

අප මෙම තොරතුරු හුදෙක්ම ජනතා ගත කිරිමට අදහස් කරනු ලැබුවේ, මින් ඉදිරියට මෙවැනි සිදුවීම් කිරීම නවත්වනු ලැබිම සඳහාය.එමෙන්ම මෙවැනි සිද්ධීන් හරහා නැවත නැවතත් ගම්‍ය වන වැදගත්ම කාරණය නම් මනාප පොරය අහෝසි කර ජනතාවට වගකියන ආසන ක්‍රමයක් ස්ථාපිත කරන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළයුතුයි යන්නය.පසුගිය කාලයේ ජනාධිපතිවරණ වේදීකාවේ රැව් පිළි රැව්දුන් එක් පොරොන්දුවක් වූ 20 වෙනි සංශෝධනය හරහා මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමේ වගකීමද නව රජයේ බලධරයන්ගේ වගකීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *