අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කර ඇති අතර එම ධූරය පිළිබද අක්තපත්‍රය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.
මේ අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුථ එහි සාමාජිකයින්ද කුමාර සංගක්කාර මහතාගේ බිරිද ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.