ලබන මස 1 දා රැස්වීමට නියමිත අභිනව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා වත්මන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන, ප්රජාතාන්ත්රීය පාලන, බුද්ධශාසන ඇමැති කරු ජයසූරිය මහතා පත් කිරීමට නියමිතය.
ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරය සඳහා කරු ජයසූරිය මහතාගේ නම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කෙරේ.
නව කථානායකවරයා පත්කර ගැනීම පක්ෂ සහ විපක්ෂ යන දෙපාර්ශ්වයේම එකඟතාව මත සිදුකිරීමට යෝජනා වී තිබේ.
මීට අමතරව නව පාර්ලිමේන්තුව සඳහා පත්කළ යුතු නියෝජ්‍ය කථානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, සභානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති යන ධුර සඳහා පත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.