සිව්වැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අගමැති වශයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) උදෑසන 10.12 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා.
අද අගමැතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා සහ මෙවර මැතිවරණයට තරග කළ එජාප මන්ත්‍රීවරුන් අගමැතිවරයාගේ හිතවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
උත්සව අවස්ථාවේ රනිල්ට දෙවරක්ම මහින්ද සුබ පැතූ අතර උත්සවයෙන් පසු ජනපති මෛත්‍රී හා හිටපු ජනපති මහින්ද සමීපවී සුහද කතාවකද නියැළුණා.
මහින්ද හිඳ සිටියේ හේමා පේ‍්‍රමදාස මැතිණිය හා මෛත්‍රී වික්‍රමසිංහට මැදිවයි.හේමා පේ‍්‍රමදාස මැතිණියට එපිටින් සිටි සරත් ෆොන්සේකා මහින්දගේ මුහුණ බලනු නොපෙනිණි.
අද එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩු අවබෝධතා ගිවිසුමද එම අවස්ථාවේ දුමින්ද හා කබීර් ලේකම්වරුන් අත්සන් කරනු ලැබුවා.