මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අග්රාමාත්යවරයාගේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපිටදී එක්ව ආණ්ඩුවක් පිහිටවීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක හා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබීය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියේය. මේ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශාලම පක්ෂය වූ ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය අහෝසි වේ.