ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන එකඟතාවට අනුව ශ්රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනකුට ඇමැති ධූර හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
එමෙන් ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනකුට ද කැබිනට් අමාත්‍යධූර පිරිනැමෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
නව ජාතික රජය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් ඇමැති ධූර දරන්නේ කවුරුන්දැයි සාකච්ඡුා කිරීම සඳහා විශේෂ රැස්වීමක් බ්‍රහස්පතින්දා පස්වරුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික ආණ්ඩුව සඳහා වන මූලික කටයුතු සිදු කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේ සාමාජිකයෝ ද ඊට සහභාගි වූහ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පසුගිය රජයේ ඇමැතිධූර දැරූ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අමතරව මලික් සමරවික්‍රම, සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ටත් නව රජයේ කැබිනට් අමාත්‍යධූර හිමි වනු ඇත.නව පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට යෝජනා වී ඇත්තේ කරු ජයසූරිය මහතාගේ නමයි.