• Fri. Jan 27th, 2023

ranil wickremesinghe

රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම නීතිවේදියකු වන රනිල් වික්‍රමසිංහ නම් ඔහු ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්ව සිටී. සිව්වැනිවරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් රනිල්ගේ දේශපාලන දිවිය 1970 වසර දක්‌වා දිවයයි. බියගම ආසන සංවිධායකවරයා ලෙස සිය කුළුදුල් දේශපාලන පත්වීම ලබන රනිල් 1977 වසරේදී සිය මුල්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙයි. එහිදී ඡේ. ආර්. ජයවර්ධන රජයේ තරුණ කටයුතු හා රැකියා පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් පත්වන්නේ ශ්‍රී ලංකා කැබිනට්‌ මණ්‌ඩලයට එක්‌වූ ලාබාලතම කැබිනට්‌ අමාත්‍යවරයා වශයෙන් ඉතිහාසයට එක්‌වෙමිනි. ජයවර්ධන රජයේ, අධ්‍යාපන අමාත්‍යවරයාද වන රනිල් පසුව ප්‍රේමදාස රජයේ කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ මුල්වරට අග්‍රාමාත්‍ය පදවියට පත්වන්නේ ප්‍රේමදාස මහතාගේ හදිසි වියෝවත් සමඟ ඩී. බී. විඡේතුංග ජනාධිපති ධුරයට පත්වීමත් සමගිනි. ඉන්පසු විවිධ හැල හැප්පීම් මධ්‍යයේ පක්‍ෂ නායකත්වයට පත්වන රනිල් 2001 වසරේදී නැවතත් එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ පිහිටුවමින් අගමැති වන්නේ දෙවැනි වතාවටය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තෙවැනි වරටත් පත්වූ රනිල් දැන් සිව්වැනි වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්ව සිටී.

ranapage

දහසක්‌ පරාජයන් හමුවේ අවලාද ගැරහුම් මැද පක්‍ෂය විජයග්‍රහණය කරා ගෙන යැමට රනිල් ගත් උත්සාහය ප්‍රශංසනීයය.

ඉතාම නිවුනු ගතිගුණ ප්‍රගුණ කරමින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් කොයි කා අතරත් ඉතාමත් සුහදව කටයුතු කිරීම රනිල්ගේ කැපී පෙනෙන ලක්‍ෂණයකි.

රනිල් හැමදාමත් වැඩකළේ කාලසටහනකට අනුවය. සමහරුන්ට දේශපාලනයේදී කොතරම් හදිසියක්‌ තිබුණ ද රනිල් යොදාගත් කාලසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට වගබලා ගත්තේය. එහි කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැක්‌කේ 2015 වසරේදී කෙසේ හෝ ජාතික මැතිවරණයක්‌ ලබාගැනීමයි. ඒ රනිල්ගේ හැටිය. “අපට විරුද්ධවාදීන් නැහැ. ඉන්නේ වෙනත් අදහස්‌ දරන අය පමණයි. යහපාලන ආණ්‌ඩුවේ අපට අපගේ දර්ශනය අනුව විරුද්ධවාදීන් නැහැ ඉන්නේ අපට වඩා වෙනස්‌ මත දරණ පිරිස්‌ පමණයි. ඔවුන් අපේ අසල්වාසීන්, ඥාතීන්, හිත මිතුරන් ඔවුන්ට අපේ දර්ශනය කියන්න. අපේ දර්ශනය සම්මුතිවාදයයි. අපි අලුතින් හදන රටේ ඔවුන්ටත් අනාගතයක්‌ ඇති බවත් ඔවුන්ගේ අදහසටත් තැනක්‌ ඇති බව කියන්න.” ජයග්‍රහණයෙන් පසු රනිල් දැරුවේ මෙවන් මතයකි.

හතරවැනි වතාවටත් අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට පෙරම රනිල් එවැනි ප්‍රතිපත්තියක පිහිටා සිටියේ ඔහුගේ දුර දැකීම නිසාය. සැමදා පරදිනවා යෑයි කී රනිල් හැමදාමත් දිනුවේ ඒ ප්‍රතිපත්ති හේතුවෙනි. ජනතාව පසුගිය මැතිවරණයේ ඡන්ද ලක්‍ෂ පහකට වැඩි සංඛ්‍යාවක්‌ රනිල්ට ලබා දෙමින් පෙන්නුම් කළේ ඒ කාරණයයි.

රනිල්ට බොහෝ විෂයයන් ගැන ඇත්තේ පෘථුල අවබෝධයකි. නිසි තැනදී නිසි ලෙස තම තියුණු දැනුම භාවිත කිරීමට රනිල් දක්‍ෂය. දැනුම විදහා පෑම පිණිස නිතර කතා කරන සිරිතක්‌ රනිල්ගේ නැත. ඒ නිසාම රනිල් මහජන සම්බන්ධතාවය නිසි ලෙස කළමනාකරණය නොකරන පුද්ගලයකු ලෙස හඳුන්වා දී තිබිණි. එහෙත් අවශ්‍ය මොහොතේදී වඩාත් නම්‍යශීලී, විනෝදකාමී පුද්ගලයකු බවට පරිවර්තනය වන්නට රනිල්ට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. ඔහු ළඟින්ම ඇසුරු කරන බොහෝ දෙනෙක්‌ ඒ බව දනිති.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පිළිබඳ බොහෝ දේ ලිවිය හැකිය. එහෙත් අප ලියන දේත්, ඔහු කියන දේත් යථාර්ථයක්‌ බවට පත්වන්නේ ඉදිරි වසර කිහිපය තුළදී ඔහු ගන්නා ක්‍රියාමාර්ග ජනතා සිත් සතන් තුළ ලියෑවෙන ප්‍රමාණය අනුවය.

 

(දීප්ති ප්‍රමිතා අධිකාරි)

One thought on “රනිල්ගේ පැටිකිරිය මෙන්න. (ඡායාරූප සමඟින්)”
  1. රනිල් වික්‍රමසිංහ යනු අනාගතයෙන් වඩා වැඩි කොටසක් වර්තමානයට ඇතුලත් කිරීමට හැකියාව ඇති ඉතා බලවත් ආර්ථික සමාජීය පමනක් නොව විද්‍යා – තාක්ෂණික ක්ෂත්‍රය හා මානව සම්පත් සංවර්ධනය හා බැදුණු අධ්‍යාපන සංවර්ධනයේ තිරසර බලවත් දැක්මකින් පරිපූර්ණ සහ ඒවා රට තුල අභ්‍යාස කොට රටට තිරසර දියුණුව ලබාදිය හැකි නායකයාය .පිරිපුන් ,ඉවසීමෙන් සපිරි ,දසත පැතිරුණු දැණුමෙන් සිතන රනිල් වික්‍රමසිංහ මැතිදුන් ගෝලීයකරණය, ගෝලීය උණුසුම්වීම, ගෝලීය සිසිල් වීම ,ගෝලීය අදුරුවිම ,ජනගහන වර්ධනය, නවෝත්පාදක කෘෂිකර්මානත්ය, නැවත ඇති නොවන ස්වභාවික සම්පත්, තිරසර කාර්මික සංවර්ධනය හා යටිතල ව්‍යුහමය සංවර්ධන අංශ වන ආර්ථික ,ප්‍රවාහන ,බලශක්ති , සමාජ යටිතල පහසුකම් ,දැනීම් යටිතල ව්‍යුහය මෙන්ම ,වත්මන් හා අනාගත පරපුරද ,රටේ පරිසරය ද ,ඉතිහාසයද පමණක් නොව බුදුදහම ප්‍රමුක ආගමික චින්තනයේද මහා දැනීමක් මෙන්ම ගෝලීය මට්ටමෙන් ඒ පිලිබදව ශාස්ත්‍රීය හැදෑරීමක් ඇති මහා ප්‍රමාණික බුද්ධිමතෙකි . එම නිසාම 1947 ස්විස්ටර්ලන්තයේදී ආරම්භ වූ මොන්ට් පෙලරින් ( The Mont Pelerin Society) සංවිධානයේද කීර්තිමත් සාමාජිකයෙකි.
    (Friedrich August von Hayek) ආරම්භ වී ෆ්‍රෑන්ක් නයිට් (Frank Hyneman Knight ) ශ්රී මත් කාර්ල් පොපර් (Sir Karl Raimund Popper ) ලුඩවයිග් වොන් මිසෙස් (Ludwig von Mises) ජෝසෆ් ස්ටිග්ලර් (Joseph Stiglitz) ජෙෆ්රි ඩේවිඩ් සාච්ස් (Jeffrey David Sachs) මිල්ටන් ෆ්රිඩ්මන් (Milton Friedman) මොරිස් ඇලිස් (Maurice Allais) ග්රේd බෙකර් (Gary Becker) වර්නන් ස්මිත් (Vernon Smith ) ෆ්රෙAඩ්රෝ ශුර්ඩ් ද්රෝන් (Pedro Schwartz Gir on) මහාචාර්ය ලෙනාර්ඩ් ලිග්ගිඕ (Professor Leonard P. Liggio) මහාචාර්ය ක්රි ස්ටීන් වැට්රි්න් (Professor Christian Watrin) මහාචාර්ය වික්ටෝරියා කර්සන් ( Professor Victoria Curzon) ආදී ආර්ථික විද්යාව පිළබද විදවතුන් සියගණනක් සමග අදහස් හුවමාරු කරගන්නා වූ ඔහු එම සංවිධානයේ කෙතරම් කීර්තිමත්ද යත් එතුමන් 2002 දී අගමැති වූ වහාම එම සංවිධානයේ විශේෂ රැස්වීමක් අපේ රටේදී පවත්වන ලදී .නොබෙල් ත්‍යාග ලාභී ආර්ථික විද්වතුන් රාශියකගේ අදහස් පිළබදව පුලුල් අවබෝධයක් ඇති ආසියාවේ විශිෂ්ටම පමනක් නොව අවංකම නායකයාද වනුයේ රනිල් වික්‍රමසිංහයන්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *