නව රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත්, අධිකරණ අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත්, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස ඞී.එම්. ස්වාමිනාදන් මහතාත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නව රජයේ කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මංගල සමරවීර මහතා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවකටද ස්වාමිනාදන් මහතා සරණාගතයන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවකටද විජයදාස රාජපක්ෂ මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයේ රැස්වීමකටද සහභාගීවීමට නියමිත නිසා ඔවුන් දිවයිනෙන් බැහැරවයාමට අවශ්‍ය බැවින් මෙලෙස දිවුරුම්දී ඇති බව වාර්තා වේ.