• Thu. Feb 2nd, 2023

susil premjayanth

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස් හට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත විසින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
අති ගෞරවනීය සෝභිත හිමියන්ට වස බීමට සිදුවේවි යැයි ප්‍රකාශ කළ ජනතාව විසින් ප්‍රක්ෂේප කරනු ලැබූ ඩිලාන් පෙරෙරා,එස් බී දිසානායක වැන්නන් හට ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ගත යුතුයි යන්න සුසිල් ප්‍රේම්ජයන්ත් වැන්නන් දැඩි ස්ථාවරයක සිටි නිසා ශ්‍රිලනිපය තව දුරටත් දෙකඩ වීමට ඉඩ නොතබා මෙම පරාජිතයන්ට ජාතික ලැයිතුවෙන් ඉඩ ලබා දුන් බවයි ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් මුලින් නම් කළ පිරිස කපා හැර පරාජිතයන් නම් කර මැතිවරණ කොමසාරිස්ට යැවීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහතා ඊයේ අභයාරාමයේ දී පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කරනු ලැබුවා.පියසිරි විජේනායක මහතා ද ජාතික ලැයිස්තුවට නම් කරනු ලැබ සිටියේය.
abayaramapress-2015-08-23-1 (1)ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හොරකම් කිරීමට එරෙහිව අධිකරණයට යන බව ද ඔහු කීවේය.
හිටපු ජනපතිගේ ආගමික කටයුතු සම්බන්ධීකාරක ලෙස සිටි ගලගම ධම්මරංසි හිමියන් මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය ගැන සැක බවයි. ඒ ගැන ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ හිමියෝ කීහ.
කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් සන්ධාන ජාතික ලැයිස්තුවේ සිටියේ ලෙස්ලි දේවේන්ද්‍ර සහ තමා බවත්, කම්කරු පන්තිය නියෝජනය කරන කිසිවකු ජාතික ලැයිස්තුවෙන් නම් කර නොමැති බවත්, මේ තීරණ ගත්තේ සන්ධාන විධායක සභාව සමඟ සාකච්ඡා කර නොවන බවත් මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි මහතා කීවේය.

abayaramapress-2015-08-23-3“උදේට පක්ෂයෙන් සාමාජිකයන් ඉවත් කළාය කියා සන්ධාන ලේකම් ලෙස විශ්වා වාර්ණපාල මහතා ලියුම් යවනවා. හවසට සන්ධාන ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත මැතිවරණ කොමසාරිස්ට යවනවා ජාතික ලැයිස්තුව නම්කරලා.” යැයි ද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩී ඊ ඩබ්ලිව් ගුණසේකර මහතා ජාතික ලැයිස්තුවෙන් පත් නොකළේ කෝප් වාර්තාව එළියට එයි කියා ඇතිවූ බියක් නිසාද යන්න සැක බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *