• Mon. Feb 6th, 2023

මහා ඡන්දෙන් කෝටි 50 ඉතුරු වෙලා

election

මහ මැතිවරණය සඳහා අපේක්‍ෂා කළ වියදම රුපියල් කෝටි පනහකින් අඩුවී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

ඉකුත් 17 වැනිදා පැවැති මහ මැතිවරණය සඳහා දින නියම කරන අවස්ථාවේ රුපියල් කෝටි හාරසියයක් වියදම් වෙතැයි අපේක්‍ෂා කළ බව පැවැසූ කොමසාරිස්වරයා මැතිවරණය නිමවන විට වියදම රුපියල් කෝටි තුන්සිය පනහක් වූ බවද පැවැසීය.

පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා පොලිසිය ඉල්ලා තිබූ මුදල පවා අඩු කර ගැනීමට හැකිවූ බව පැවැසූ කොමසාරිස්වරයා “මේ මැතිවරණයේදී පෝස්ටර් කටවුට් සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩුවුණා. වියදම අඩුවීමට එය බලපෑවා” යැයිද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *