පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇතැයි පසුගිය සමයේ සැක කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි සැකකළ හැකි තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇතැයිද ඒ සම්බන්ධයෙන් ප්රශ්කිරීම සඳහා කැඳවනු ලැබූ යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරු දෙදෙනෙක් ද, මාණ්ඩලික සැකරයන්වරයෙක් හා කෝප්රල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටිය දී එක්නැලිගොඩ පැහැරගෙන එහි රඳවාගෙන සිටි බවට ලැබුණු තොරතුරු ගැන රහස් පොලිසිය අද ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇත.
මීට පෙරද ආරක්ෂක අංශ වෙත සම්බන්ධතා ඇති තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පසු වෙති.