ජාතික ලොතරැයි මණ්ඩලය 2015 මුල් මාස 6 තුළ බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 127 ක ලාභයක් ලබා ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පැවසුවාය.
තවද රුපියල් මිලියන 910 ක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැරකර 2015 වසරේ මුල්මාස හයේ බදු වශයෙන් රුපියල් මිලියන 466 ක් ගෙවා ඇති බවත් ඇය සඳහන් කළාය.
පසුගිය 2014 වසරේ මුල් මාස 6 තුළ අලාභය රුපියල් මිලියන 41 ක් වූ අතර බදු වශයෙන් රුපියල් මිලියන 556 ක් ගෙවා ඇත.
මේ අනුව ගණනය කිරීමේදී 2015 වසරේ මුල් හය මස තුළ ලොතරැයි මණ්ඩලයේ රුපියල් මිලියන 168 ක වර්ධනයක් පෙන්නුම් කෙරේ.
වකුගඩු රෝගීන් වෙනුවෙන් “නීරෝගා” ලොතරැයිය ඇරඹීමත් බිම් මට්ටමේ අලෙවි නියෝජිතයන් 15,000 ක් වෙනුවෙන් “දිවිසරණ” රක්ෂණය ලබාදීමත් මෙම කාලය තුළදී සිදුකර ඇත.