• Thu. Feb 2nd, 2023

විමල්ගේ ජනිපෙ දෙදරයි.?

wimal weerawansa

විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණේ කණ්ඩායමක් ඔහුට එරෙහිව ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

පකෂය තුළ තනි මතයට කටයුතු කරමින් සිටීමත් මහ මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණයට වඩා ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බවටත් එම පිරිස වීරවංසට චෝදනා එල්ල කර ඇති බව පැවසේ.

එම කණ්ඩායමේ ප්‍රධානියා බවට පත් වී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ය. ඔහුට මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබා නොදීමත් සන්ධාන ජාතික ලැයිතුවෙන් තමාට මන්ත්‍රී ධූරයක් ලබා දෙන බවට දුන් පොරොන්දුව විමල් වීරවංස ඉටු කිරීමට අපොහොසත් වීම පිළිබඳවත් මුසම්මිල් මහතා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ.

ඔහු තම හිතවතුන්ට ප්‍රකාශ කර ඇත්තේ මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් තමා නියත වශයෙන්ම පාර්ලිමේන්තුවට තේරීමට අවස්ථාව තිබූ බවය. පක්ෂ නායකයා හිතාමතාම තමන්ගේ අවස්ථාව අහිමි කළ බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මහ මැතිවරණය අවසන් වීමෙන් පසු කිසිදු අවස්ථාවක ජානිපෙ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට මුසම්මිල් මහතා ඉදිරිපත් නොවූ අතර තමන්ගේ ජනප්‍රියත්වයට විමල් වීරවංස අකමැති වීම නිසා තමන්ට අවස්ථාව අහිමි කර ඇති බවට හිතවතුන් හා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *