• Tue. Feb 7th, 2023

අනුරාධපුරේදී සුදු වෑන් රථයකින් පැහැරගත් මදුෂ්ක කෝ.?

madushka harish

සුදු වෑන් රියකින් පැමිණ මීට වසර දෙකකට පෙර පැහැර ගෙන ගිය සිය සැමියා සොයා දෙන මෙන් ඉල්ලා තරුණ මවක් අනුරාධපුර අධිකරණය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූයේ පසුගියදායි.තම නිවුන් දරුවන් දෙදෙනා සමග සත්‍යග්‍රහයේ යෙදුණු මයුරි ඉනෝකා ජයසේන කියා සිටියේ සිය සැමියා වන මධුෂ්ක හරිෂ් ද සිල්වා සොයා දෙන මෙන් පසුගිය ආණ්ඩුව සමයේ ඉල්ලා සිටියත් ඉන් ඵලක් නොවූ බවයි.

“මම කිසි වෙලාවක පිළිගන්නේ නැහැ එයා නෑ කියලා. මම තවත් මගේ මහත්තයා ගෙදරට එනකන් බලා ඉන්නවා” ඇය පැවසුවාය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළාක් මෙන් තම සැමියාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන්ද නැවත විමර්ශන ආරම්භ කරන ලෙස ඇය වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
“මගේ මහත්තයට වෙච්ච සිදුවීම ගැන කියන්න ඇසින් දුටු සාක්ෂි කියන්න කට්ටිය ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉහළ බලධාරීන් යටතේ මේක යට ගහනවා කියලා මට තේරෙනවා” ඇය පැවසුවාය.

තමා ගැබිණියක්ව සිටියදී තමා සමග සිටි තම සැමියා 2013 .09.03 වන දින සවස රැකියාව කොට ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී පොලීසියේ පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවත් ඔහු මේ වන තෙක් කුමන හේතුවන් මත අතුරුදහන් කළේදැයි නොදන්නා බව ඉනෝකා කුමාරි විසින් මිට ඉහතදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටියාය.

මදුෂ්ක හා තවත් දෙදෙනෙකු අනුරාධපුර නව නගරයේ සිට නිවසට පැමිණෙමින් සිටියදී ඔවුහු එන මග නතර කළ සුදුවැන් රථයක් අපි පොලීසියේ යැයි පවසා අතට මාංචු දමා ඇස් බැද පැහැර ගෙන ගොස් ඇත. පැහැර ගැනීමෙන් දෙදිනකට පසු මදුෂ්ක සමග පැහැරගැනීමට ලක් කළ අනෙක් දෙදෙනා අනුරාධපුර සාලිය පුර ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇති අතර මදුෂ්කට සිදුවූ දෙය තවමත් අභිරහසකි.

පැහැර ගත් අනෙක් දෙදෙනා පවසන්නේ තිදෙනාම අදාළ වෑන් රථයෙන් රාත්‍රී 10 වන තෙක් කිසියම් කාර්යාලීය ස්වරූපයක් උසුලන තැනකට ගෙන ගිය බවත් අනතුරුව උදෑසන පිට්ටනියක් වැනි තැනට රැගෙන ගිය බවත් එලෙස පැමිණීමෙන් අනතුරුව ඔවුන් තමන් හා අනෙක් සගයා ඇරලැවීමට යා යුතු බවට පැහැරගත් පිරිසෙන් ප්‍රකාශ වූ බවත් ඉන් අනතුරුව සාලිය පුර ප්‍රදේශයට ගෙනැවිත් රුපියල් 300ක් අතට දී පියවර සියයක් පසුපස නොබලා ආපසු පැමිණෙන ලෙසත් මාධ්‍යයට තොරතුරු නොකියන ලෙසත් පවසා මුදා හැර ඇති බවයි වාර්තා වූයේ.

මදුෂ්කගේ දරුවන් දෙදෙනාට තමන්ගේ පියා තවමත් දැක ගැනීමට අවස්ථාව ලැබි නැත.11226904_462235490605150_81688023575967354_n

කෙසේ නමුත් පැහැර ගැනීමට ලක්වූ තිදෙනාටම පහරදී ඇති අතර මදුෂ්ක හරිෂ් හට කෘතිම ස්වසනය ලබාදීමට කටයුතු කළබව තමන්ට හැගුණු බවත් ආපසු එවූ දෙදෙනා විසින් පවසා තිබුණා.
කෙසේ නමුත් මදුෂ්ක අතුරුදහන් වීමෙන් මාස 06කට පසු ඉනෝකාට නිවුන් පුතෙඋ සහ දියණියක වශයෙන් දරුවන් දෙදෙනෙකු ලැබුනු අතර එම සිඟිතත්න් සමග වගකිවයුතුත්තන් හට කෙතෙක් කීවත් ඒ සියල්ලන් ගේ අවසාන පිළිතුර වූයේ නිශ්ශබ්දතාවය පමණක් බවයි මේමව සඳහන් කර සිටියේ.මේ වන තෙක් තම සැමියා නොලැබුනු බවත් මානව හිමිකම් කොමිසම විසින් තමන්ට සාධාරණය ඉටු වනු ඇතැයි බලාපොරෝත්තු වන බවත් පවසා සිටින ඉනෝකා සදහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයාට පවා පැමිණිලි කළත් ඉන් පලක් නොවුනු බවයි.සාධාරණය ඉටු නොවන්නේ නම් තම හා තම දරු දෙදෙනා මාරාන්තික උපාවසයකට එළඹෙන බවද ඇය මෙහිදී පවසා සිටියාය.11391268_453298624832170_9098255976948803361_n

මෙම පැමිණිල්ලට සමගාමීව ක්‍රිස්තියානි සාමූහිකත්ව පදනම විසින්ද පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරන ලදී.
සිය දරුවන් දෙදෙනා සමග රට පුරා ගොස් උද්ඝෝෂණ පවත්වමින් සිය සැමියා සොයා දෙන ලෙස ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අවධානය යොමු නොකිරීම පිළිබඳ කනගාටු වන බවත් ඇය සඳහන් කළාය.

පැහැරගෙන යෑමට පොලිස් විශේෂ කාර්යය බලකායෙක් සම්බන්ධ යැයි සැකකරන බව මයුරි ඉනෝකා ජයසේන මහත්මිය ප්‍රකාශ කරනවා.

https://www.facebook.com/A.White.Van.Story/videos/483452055150160/?video_source=pages_finch_main_video

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *