අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (25 දා) දහවල් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවට මාධ්‍ය වාර්තා කරනවා.
දැනට කිසිදු විමර්ශන කටයුත්තක් සිදු නොකරන එය අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දී ඇති මෙම මන්ත්‍රීවරු එවැනි ආයතනයක් නඩත්තු කිරීමෙන් රටට හෝ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව පවසා තිබේ. මේ තත්ත්වය මත සිදුකළ යුත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අහෝසි කර ඒ වෙනුවට මාස හැටෙන් අලුත් රටක් නිර්මාණය කරන බව. පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ පරිදි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තිය නීතිගත කර ඊට අනුකූලව නව ආයතනයක් අල්ලස් හෝ දූෂණ මැඬලීම සඳහා වහාම ස්ථාපිත කිරීම බව එම මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කොට ඇත.
පසුගිය ජනවාරි 8 වැනිදා යහපාලන ආණ්ඩුව පිහිටුවන අවස්ථාව වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පුරප්පාඩු 150 ක් පමණ පැවැතීම නිසා සියලු විමර්ශන කටයුතු අඩපණව පැවැති බව ඔවුන් පෙන්වා දී තිබේ.
පසුගියදා පොලිස් දෙපාර්තමේන්තුව විසින් කොමිසමට පුහුණු නිලධාරීන් පනස් දෙනකුගේ (50) සේවය ලබා දුන්න ද කොමිසමේ කොමසාරිස්වරුන් පනස් දෙනාගේ සේවය අනවශ්‍ය යෑයි පවසා ඔවුන් නැවත පොලිස් දෙපාර්තමේන්තුව වෙත හරවා යවා ඇති බවට අගමැතිවරයා දැනුවත් කර ඇති මෙම මන්ත්‍රී පිරිස අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ට විමර්ශන පැවැත්වීම හෝ මෙරට අල්ලස් හෝ දූෂණ මැඬලීමට අවශ්‍යතාවක් නැති බව ඉහත සිද්ධියෙන් තහවුරු වන බව පවසා තිබේ.
මේ තත්ත්වය මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අහෝසිකර නව ආයතනයක් ස්ථාපිත කිරීම පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කටයුත්ත කරගත යුතුව ඇති බව එම මන්ත්‍රීවරු වැඩිදුරටත් අගමැතිවරයාට පවසා තිබේ.
(පියසේන දිසානායක)