විල්ගමුවේ, හඳුන්ගමුවේ හා නාගොල්ලේ වී මිලට ගැනීමේ මධ්‍යස්ථානවලට එන ගොවීනට දින තුන හතරක් මහ පාරේ පෝලිමේ සිටීමට සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
එම ගබඩාවල වී පිරී තිබීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.
වී ගබඩා දෙකටම සිටිනුයේ එක් කළමනාකරුවෙක් බවත්, ගිය කන්නයේ මිලට ගත් වී ගබඩාවල තැබීම නිසා මේ ප්රශ්නය උග්රවූ බව සහ ඉක්මනින් ඊට විසඳුමක් දීමට උත්සාහ කරන බවයි වී අලෙවි මණ්ඩලය පොළොන්නරු කලාප කළමනාකරු බිමල් ඒකනායක මහතා ප්‍රකාශ කරන්නේ.
(ලංකාදීපය)
[…] යහපාලනයෙනුත් ගොවියාට නිසි තැනක් හිමි…යනුවෙන් අද උදෑසන මාධ්‍යයේ පළවූ පුවත දුටු අගමැතිවරයා අවශ්‍ය මුදල් ද අනුමත කරමින් මාතලේ විල්ගමුව දැනට පෝලිම් ගැසී සිටින ගොවීන්ගෙන් වහාම වී මිලදී ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිසාපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වෙනවා. […]