යහපාලනයෙනුත් ගොවියාට නිසි තැනක් හිමි නැතිද..? යනුවෙන් අද උදෑසන මාධ්‍යයේ පළවූ පුවත දුටු අගමැතිවරයා අවශ්‍ය මුදල් ද අනුමත කරමින් මාතලේ විල්ගමුව දැනට පෝලිම් ගැසී සිටින ගොවීන්ගෙන් වහාම වී මිලදී ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිසාපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වෙනවා.
ඒ සඳහා අද දිනය තුළදී ම අවශ්‍ය නිලධාරීන් යවන ලෙසටයි අගමැතිවරයා විසින් දිසාපතිවරයාට දැනුම් දී තිබෙන්නේ. එමෙන්ම ගබඩාවල ඇති වී මෝල්වලට යවා සහල් කිරීමට පියවර ගෙන ගොවීන්ගෙන් ගන්නා වී ගබඩා කිරීමටත් අද ම ක්‍රියා කරන ලෙස සහ ළොන්නරුවේ වී මිලදී ගැනීම්වල අඩුපාඩු ඇත්නම් ඒවාට ද වහා පිළියම් යොදන ලෙසට පොළාන්නරුව දිසාපතිවරයාට ද අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.
මේ වගේ තමයි ප්‍රස්න විසදිය යුතු වෙන්නෙ හෙට නෙමෙයි අදම උවමන්නා විසදුම් දියයුතුයි