• Mon. Feb 6th, 2023

පෙට්‍රල් රු:60 ට අඩුවන ලකුණු.?

oil price

මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද වනවිට අමෙරිකානු ඩොලර් 38 ත් 42 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබේ.

මෙය ලෝක වෙළෙඳපොළ වසර හය හමාරකට පසුව වාර්තා වූ අඩු ම තෙල් මිල බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ඇමරිකානු ඩොලර් 40ටත් අඩු සීමාවට ලෝක වෙළඳපලේ බොරතෙල් මිල පහත වැටීම නිසා මෙරට ඉන්ධන මිල පහත දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් තෙල් සංස්ථාව සොයා බලමින් සිටින බව සංස්ථා ආරංචි මාර්ග පවසයි.

මේ අතර වාර්තා වන්නේ ප්‍රෙට‍්‍රල් ලීටරයක් රුපියල් 60ක්, ඞීසල් ලීටරයක් රුපියල් 50ක් වැනි මිලට අලෙවි කලත් ලෝක වෙළඳ පලේ මිල මට්ටම අනුව ඉහල ලාභයක් සංස්ථාවට ලැබෙන බවයි.

නව රජය බලයට පත් වූයේද ජනතාවට බදු රහිත ඉන්ධන සාධාරණ මිලට ලබා දෙන බවටද සහතික කරමිනි.

ලෝක වෙළඳපලේ දැන් තෙල් මිල බලන්න මෙතනින්,

oil

 

 

 

 

 

 

 

 

 

 

 

මේ අතර ලෝක වෙළෙඳෙපොළේ තෙල් මිල පහළ යාමේ වාසිය මෙරට පාරිභෝගිකයාට හිමි වන්නේ මිල සුත්‍රය ක්‍රියාත්මක වීමෙන් පසුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අදාළ මිල සුත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව ය.නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමෙන් අනතුරුව එම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *