එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සර උත්සවය සැප්තැම්බර් 06 වැනිදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.
එම සංවත්සරයට ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයා ද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි.
එදින පෙරවරු 9.00 ට එජාප සංවත්සර උළෙල පක්ෂ නායක. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර පක්ෂයේ ඉදිරි ගමන් මග, වත්මන් දේශපාලන ප්රවණතා මෙන්ම ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳව අගමැතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
මෙම සංවත්සරය සඳහා එජාප ජ්‍යෙෂ්ඨයන්, මැති ඇමැතිවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වීමට නියමිතය.