• Fri. Feb 3rd, 2023

දෙමළ සන්ධානය ඉල්ලන්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌.

sumanthiran

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌ බව එම පක්‍ෂයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. එස්‌. සුමන්තිරන් මහතා ‘දිවයින’ පුවත්පතට පවසා තිබෙනවා.

‘බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්‌ථාවර බලය පැවරීමක්‌’ යැයිද ඔහු සඳහන් කළේය.

ජාතික ආණ්‌ඩුවකට තමන්ට විශේෂ ආරාධනාවක්‌ ලැබී නැති බවත් රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමට තම පක්‍ෂයේ කිසිදු අපේක්‍ෂාවක්‌ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තමන් විපක්‍ෂයේ සිටිමින් තම අයිතීන් දිනාගෙන ඉදිරියට යැමට අපේක්‍ෂාවෙන් සිටින බව ද සුමන්තිරන් මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *