පාර්ලිමේන්තුවේ ඇමැති ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීම සම්බන්ධව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාව පිළිබඳව එක්දින විවාදයක් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. මේ අනුව නව පාර්ලිමේන්තුවේ පළමු විවාදය මෙය වනු ඇති බවයි සදහන් වන්නේ.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ආණ්ඩුවකට මුවා වී ඇති කරගත් හවුල් ආණ්ඩුවේ ඇමැති ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනට තම පක්ෂය විසින් මීට අදාළ විවාදය නව පාර්ලිමේන්තුවේ කතානායක තුමාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46-4 වගන්තිය ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් එහි ඇමැති ධුර ලබාදීම තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් විමසා බව හෙතෙම සඳහන් කෙළේය. ඒ අනුව ජාතික ආණ්ඩුවක ඇමැතිකම් ලබා දීමේදී පාර්ලිමේන්තුව නියෝජනය වන අනෙකුත් පක්ෂද නියෝජනය විය යුතු බව හෙතෙම පවසයි.
මෙලෙස ඇමැති ධුර හුවමාරු කර ගැනීම රටේ සංවර්ධනය වෙනුවෙන් කරන දෙයක් නොව පෞද්ගලිකව ඔවුනොවුන්ගේ බඩ වඩා ගැනීමේ අරමුණ ඇතිව කරන්නක් බව පෙන්වා දෙන ඒ මහතා ඒ පිළිබඳව ජනතාවට සත්‍ය පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බැවින් පාර්ලිමේන්තු විවාදයක් ලබන 1 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය ඇතුළතදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.