ජර්මානු නාසි හමුදා විසින් රත්රන් පිරවූ බවට සැක කෙරෙන දුම්රියක් වසර 70 කට පසු පෝලන්තයෙන් සොයා ගෙන ඇති බවට පළවී තිබෙන වාර්තා පිළබඳව විමර්ශන ආරම්භ වී තිබෙනවා.
පෝලන්ත සංස්කෘතික අමාත්‍යංශයේ බලධාරියකු පවසා ඇත්තේ පොළව යට බංකරයක සිරවී ඇති මෙම දුම්රිය රේඩාර් ඡායාරූප වලට හසු වූ බවත්,එය නාසි රත්තරන් දුම්රිය ලෙස විශ්වාස කළ හැකි බව ද එම වාර්තාවල සදහන්.
අතුරුදහන් වූ දුම්රිය රත්තරන්, මැණික් සහ තුවක්කු ප්‍රවාහනය කරමින් තිබුන බවයි ජනප්රවාදයේ සදහන්ව ඇත්තේ.
නිධන් හොයන පිරිස් වෙත අනතුරු ඇඟවීමක් කරන පෝලන්ත බලධාරීන් කියා සිටින්නේ මෙම දුම්රිය තුළ බිම් බෝම්බ අටවා තිබිය හැකි බවින් ඒ අසළට ලං නොවන ලෙසයි.එමෙන්ම මෙම දුම්රිය විෂ සහිත ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යෙදවූ එකක් වීමටත් ඉඩ තිබෙන බව පෝලන්ත බලධාරීහු පවසති.