ඉදිරි දිනවලදී දිවුරුම් දීමට නියමිත හවුල් ආණ්ඩුවේ සම්පුර්ණ ඇමැති ධුර සංඛ්‍යාව 122ක් වනු ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . කැබිනට් ඇමතිධුර 45ක් , නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර 55ක් සහ දිස්ත්‍රික් අමාත්‍ය ධුර 22ක් වශයෙන් මෙම සංඛ්‍යාව සකස්වනු ඇති බවයිදේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.මීට අමතරව පාර්ලිමේන්තුවේ විධායක කාරක සභා ක්‍රමයක් ඇතිකොට එම සභාවල සභාපතිවරුන්ටද ඇමැති මට්ටමේ වරප්‍රසාද ලබාදීමේ වැඩ පිළිවෙළක් ගැනද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබෙන බවත් සඳහන්.
ජාතික ආණ්ඩුවට එක්වන පක්ෂවල සම්පුර්ණ මන්ත්‍රී සංඛ්‍යාව 202කි . එයින් විසි දෙනකුට වැඩි පිරිසක් විපක්ෂයේ අසුන් ගන්න බව කියති.ඒ අනුව පෙනීයන්නේ ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් හැරුණුවිට කිසියම් හෝ ඇමැති තනතුරක් හිමි නොවන්නේ සුළු පිරිසකට බවයි.
විශාල ඇමැති මණ්ඩලයක් පවත්වාගන යාම පසුගිය රජයට එල්ල වූ බරපතළ චෝදනාවකි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් කැබිනට් ඇමැති මණ්ඩලය තිහකට සීමා කෙළේ හිතුමතේ ඇමතිවරුන් පත්කිරීම වළක්වන්නටය . දැන් ජාතික ආණ්ඩුවක් යටතේ යළිත් බිහිවන්නට යන්නේ දැවැන්ත ඇමැති මණ්ඩලයකි .