2018 වසරේ ජනවාරි මාසයේ සිට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ආනනය කිරීම හා නිශ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
වසර දෙකකට ප්‍රථමව මේ බව සඳහන් කළේ ව්‍යාපාරිකයන්ට ඒ පිළිබඳව දැනුවත්වීමට බවත්, මේ තිරණයට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බවත් ජනපතිවරයා සඳහන් කළේය.
පිළිකා රෝග ඇතිවීමට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ප්‍රධාන සාධකයක් බවද ජනපතිවරයා පැවැසීය.
එමෙන්ම 2016 වසරේ ජනවාරි 01 වැනි දින සිට මෙරට පොලිතීන් භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමටද, බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ ඊයේ (29) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති ඇසළ පෙරහරට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ “සිරිදළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාර“ වැඩසටහන ඇගැයීමේ අවස්ථාවේදීය.
දේශීය ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය මර්දනය, පරිසර සංරක්ෂණය, වකුගඩු රෝගය යන කරුණු හතර සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යය සාධන බලකායන් හතරක් පිහිටුවා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදි පාසල් සිසු සිසුවියන් 728ක් හා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 65ක් සඳහා සම්මාන හා සහතික පත්‍ර ප්රදානය කෙරිණි.