පසුගිය මාසයේ ලෝක ඉන්ධන මිළ 13% කින් පහළ ගොස් ඇත.එම අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයන්ට ලබාදීම සදහා හැකි ඉක්මනින් ඉන්ධන මිළ පහත දමන ලෙස පාරිභෝගි අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
මෙලෙස ලෝක ඉන්ධන මිළ පහත වැටෙන සෑම අවස්ථාවකම රජය ප්‍රකාශ කරන්නේ මිළ සුත්‍රයක් සකසන බවය. එහෙත් බොර තෙල්මිල ඉහළ යන විට කිසිදු මිළ සුත්රයක්නැතුවම ඉන්ධන මිල ඉහළ දමන බවද එම සංවිධානය කියයි.
මිල සූත්‍රය නමැති මිරිගුව ජනතාවට නොපෙන්වා හැකි ඉක්මනින් ඉන්ධන මිළ පහත දමන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිව බව එහි සභාපති රංජිත් විතානගේ මහතා කියයි.
ලෝක වෙළඳපලේ දැන් තෙල් මිල බලන්න මෙතනින්,