කැලණි ගඟට තෙල් මුසුවීම නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කර තිබූ කොකාකෝලා සමාගමට තාවකාලිකව කොන්දේසිවලට යටත්ව යළි පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය අද (31) තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එවැනි වැරැදි යළි සිදුනොවීමට වගබලාගන්නා බවට අදාළ සමාගම පොරොන්දු වී ඇති නිසාද මධ්‍යම පරිසර අධිකාරිය දුන් උපදෙස් අනුව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර තිබූ නිසාද බලපත්‍රය යළි ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් දඩ මුදලක්ද කොකා කෝලා සමාගමට නියම කරනු ඇති බවත් ධර්මසිරි මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් මිට පෙර මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනු ලැබුවේ,කැළණි ගඟට තෙල් මුසුවීම සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් කොකා කෝලා ශ්‍රී ලංකා සමාගමට ලබාදී තිබුණු පරිසර ආරක්ෂණ බලපත්‍රය දිගටම අත්හිටුවන බවයි.
කඩුවෙල පිහිටි කොකා කෝලා ශ්‍රී ලංකා සමාගමේ භුගත තෙල් නළයක හටගත් දෝෂයක් හේතුවෙන් පසුගිය සතියේදී මෙසේ කැළණි ගඟට තෙල් මුසුවී ඇති බවට වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ වලින් අනතුරුව කොකා කෝලා ශ්‍රී ලංකා සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවනු ලැබුණි.