• Thu. Feb 2nd, 2023

හැදෙන්න යන්නේ නීති විරෝධී අරුම පුදුම ජාතික ආණ්ඩුවක් – විමල්

wimal weerawansa

යතාර්ථයේ නොවන ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන භාවිතා කර ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමට දරන උත්සහය නීත්‍යානුකූල නැතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
නව පාර්ලිමේන්තුව රැස්වීමටත් පෙර පක්ෂ නායක රැස්වීමක්වත් නොකැඳවා ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමේ විවාදයක් තැබිමට එ.ජා.ප.ය හා ජේ.වී.පී.ය පූර්ව අවබෝධයක් ඇතිකරගෙන ඇතැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
දහනව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමට නම් ශ්‍රී ල.නි.ප. මුළුමනින්ම ආණ්ඩුවේ කොටස්කරුවන් වීම, විපක්ෂයක් බිහිනොවීම, සියලුම පාර්ශ්ව තනතුරු දරමින් හෝ නොදරමින් කොටස්කරුවෝ වීම යන කොන්දේසි සම්පූර්ණ විය යුතු බවද ඒ මහතා පැවැසීය.
ව්‍යවස්ථාවේ වචන අතරින් හොරෙන් රිංගා යාමට මාන බලන මෙම අරුම පුදුම නිපදවීම යහපාලන මූලධර්මවලටද නොගැළපෙන බව ඒ මහතා එහිදී සඳහන් කළේය. දින 100 ආණ්ඩුවේදීත් පැමිණි හැටියේම නීති කැඩූ රජය අලුත් පාර්ලිමේන්තුවට හිස් බඩම ව්‍යවස්ථා විරෝධී යෝජනාවක් ගෙනත් අතහැර දැමීමට සූදානම් වන බවද කීවේය. තේරී පත්වන නව කථානායකවරයාට මේ සම්බන්ධයෙන් සිය විරෝධතාවය දක්වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *