• Mon. Feb 6th, 2023

ආගමික අන්තවාදය තර්ජනයක් – හිටපු ජනාධිපති හමීඞ් කර්සායි

BySandun

Sep 1, 2015

hamid karsai
ආගමික අන්තවාදය මුල්කරගෙන ත‍්‍රස්තවාදය මතු කරන කණ්ඩායම් ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඞ් කර්සායි පවසනවා.
“ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව” යන තේමාව මුල් කරගෙන ශ‍්‍රී ලංකා යුද හමුදාව පවත්වනු ලබන ආරක්ෂක සමුළුව අමතමින් ඔහු පැවසුවේ ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය බටහිර ලෝකයට පැහැදිලි කිරීමේ ගැටළුවක් පවතින බවයි.

මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ඇෆ්ගන් ජනාධිපතිවරයා,

“ආගම ඉදිරියට ගෙන ත‍්‍රස්තවාදය ඇති කරන බොහෝ පිරිස් අප අසල්වැසි රටවලත් සිටින නිසා අනාරක්ෂිභාවය සහ ත‍්‍රස්තවාදය පැතිරී තිබෙනවා.ආගම වැරදි ලෙස යොදා ගන්නා අන්තවාදී පිරිස් පිළිබඳව මම ඇමරිකානු ජනාධිපති ඔබාමා හා යුරෝපීය රටවල සිටින නායකයන් සමඟ සාකච්ඡා කළා.නමුත් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ මෙය මුළු ලොවටම බලපාන තර්ජනයක් ලෙස එත්තු ගැන්වුවහොත් පමණයි.අනුබල දෙන කණ්ඩායම් නැත්නම් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් වල ඔවුන්ට නිරත වෙන්න බෑ.ඒවා අන්තවාදී කල්ලීන් දැයි හඳුනා ගෙන ඒවා නැති කිරීමට පියවර ගත යුතුයි.

අද සහ හෙට මෙම සමුළුව රටවල් 34ක නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්වෙනු ඇති.

මේ අතර හිටපු ඇෆ්ගන් ජනාධිපතිවරයා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා.

01 02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *