ප්‍රයෝජනයකට නොගෙන කාලයක් තිස්සේ අතහැර දමා තිබෙන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගබඩා සංකීර්ණයේ වී ගබඩා කිරීම අද (01) සිට අරඹන බව වී අලෙවි මණ්ඩලය පවසා ඇත.
රජය ලබාදුන් අවසරය මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය කන්නයේ ගබඩා කළ වී තොග අද මත්තලට රැගෙන එන බව
සභාපති එම්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් යානා ගොඩබැස්සවීම හා ඉහළට නැංවීම සඳහා අවශ්‍ය සංඥා පද්ධති ඇතුළු සියලූ අති නවීන පහසුකම්වලින් සමන්විතව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විවෘත කළේ මින් වසර 2 කට පෙර 2013 වසරේදීය.
මුලසිටම නිසි ලාභ ඉපැයීමක් සිදුකරන්නට අසමත්වූ මෙම ගුවන්තොටුපොළ මෑතක් වනතුරු භාවිත කරේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එක් යානයක් පමණි.
පසුගිය කාලයේ ගම්මිරිස් වියළීම සඳහා එම ගුවන් පථ භාවිත කරන්නට අවට ගොවියන් උත්සාහ කර තිබුණි.
දැනට භාවිතයට නොගන්නා ගබඩා පහසුකම් වී ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගත්තේ මේ අනුවයි.