එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පසුගිය මහ මැතිවරණයේදී තරඟ කළ සුළු පක්ෂ කිහිපයක් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (31) සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී හිටපු අමාත්‍ය විමල් වීරවංස, හිටපු අමාත්‍ය දිණේෂ් ගුණවර්ධන අැතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
සන්ධානයේ පක්ෂ නායකවරුන් සමග ඊයේ ජනපති මන්දිරයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන සමග පැවති සාකච්ඡුාවට එක්වූ විමල් වීරවංශ එම සාකච්ඡුාවේදී එළැඹි තීරණ ගැන මාධ්‍ය වටකරගෙන තොරතුරු පැවසුවත් ඔහු එහිදී නොකී කතාවක් ගැන දේශපාලන ආරංචි හෙළිකරනවා.තමන් ඇතුළු පිරිසගේ බල කිරීම මත විපක්ෂයට ස්වාධීනව කටයුතු කිරීමේ උවමනාව පිළිගෙන ජනපති විපක්ෂ නායක තේරීමේ කටයුත්තෙන් ඉවත්වූ බව විමල් කියා සිටි කතාව ඇත්තක් වුවත් එම කතාවට මුල පුරන්නට පෙර විමල් ජනපති ඉදිරියේ බැගෑපත්වූ හා සමාව අයැදීම සම්බන්ධව කිසිවක් හෙළි කර තිබුනේ නැත.
වාර්තාවන ආකාරයට පසුගිය ජනපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේදී මෛත්‍රීපාල සිරිසේනට ‘අයියෝ සිරිසේන..’ ‘සිරිසේනයො මෙහෙ වරෝ..’ ආදී ලෙස අමතමින් විවේචනය කිරීම හා සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට ඊයේ කණගාටුව පළකර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් සියල්ලද විමල්ගේ බැගෑපත් ඉල්ලීම අසා සිටි බව වාර්තා වුණා.
මෙයට ජනපතිගේ ප්‍රතිචාරය වී ඇත්තේ සිනහව පමණි.
දේශපාලන වේදිකාවේදී මිනිසුන් නම්මවා ගන්නට විවේචන එල්ල කළත් ඉදිරියේදී එසේ නොකරන බවත් සහයෝගයෙන් දේශපාලනය කරන බවත් විමල් වීරවංශ එම අවස්ථාවේ ජනපතිට කියා ඇත.
විමල් වීරවංශ රැස්වීමෙන් අනතුරුව ජනපති කියූ දේවල් පමණක් ඉදිරිපත් කළ අතර මේ කාරණාව යට ගැසුවේය.
තමන් පරිභව කිරීමේ දේශපාලනයක නිරත නොවන බවද ප්‍රකාශ කරමින් “අතීතයේ සිදුවූ දේ අතීතයට සීමාකරගනිමු“ යැයි එම අවස්ථවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇතැයි ද, වාර්තා වේ.
https://youtu.be/l2F73yz3ZlE