ඉකුත් තිස් අවුරුද්ද තුල ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් අසූ දහසක් සිදුවී ඇති බව ලෝකයේ මුල් පෙලේ මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කරනවා.
පසුගිය 30 වෙනිදාට යෙදී තිබු අතුරුදහන් වුවන් සිහිපත් කිරීමේ දිනය නිමිත්තෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තර සංවිධානය 2010 සිට ආගිය අතක් නොමැති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාගැනීම පිණිස සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගෙනයන නොනවතින අරගලය ජාත්‍යන්තර ප්‍රජාවගේ විශේෂ අවධානයට ලක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අතුරුදහන් වීම් දෙවැනි වන්නේ ඉරාකයට පමණක් යැයි ද එක්සත් ජාතීන් වෙත ලැබී ඇති පැමිණිලි උපුටා දක්වන ඇම්නස්ටිය පවසයි.
ප්‍රගීත් ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන තිබීම සතුටට කරුනක් වෙතත් යුක්තිය ඉටු කරවා ගැනීමට නම් ජාත්‍යන්තර බලපෑම තීරණාත්මක බව ඇමිනේස්ට් ශ්‍රී ලංකා කටයුතු පිලිබඳ විශේෂඥ ජිම් මැක්ඩොනල්ඩ් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
2006 ජනවාරියේ ත්‍රිකුණාමලයේ දී දෙමළ සිසුන් පස් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද රජයේ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් නඩු නොපවරාම නිදහස් කර යැවීම යුක්තිය ඉටු නොකිරීමේ එක් උදාහරණයක් ලෙස ඇමිනේස්ට් වාර්තාව සිහිපත් කර දෙනවා.