ඡන්ද දායකයින්ට සේවය සැලසීම සඳහා සියලුම මන්ත්‍රිවරුන්ට ලබා දෙන විමධ්‍යගත අයවැය මුදල් වැඩි කිරීමට රජය තීරණය කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
අටවැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමෙන් පසු සභාව අමතා මේ බව ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට ඡන්දය දුන් හා මනාපය දුන් සියලු දෙනාට වැඩ කිරීමට මෙම මුදල ලබා දෙන බව කීය.
දැනට මන්ත්‍රීවරයකුට විමධ්‍යගත අයවැය මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දෙයි. අගමැතිවරයා ගේ නව යෝජනාව අනුව එය දෙගුණයකින් වැඩි කෙරේ. සම්මුතියෙන් වැඩ කිරීම නිසා මේ මුදල සියලුම මන්ත්‍රීවරුන්ට සම සේ ලබා දෙන බව කී වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු ලෙස තේරී පත් වූ පසු වැඩ කර ගැනීමට පාක්ෂිකයෝ ඡන්දය දුන් අය එන බවත් ඒ සියලු දෙනා වෙනුවෙන් වැඩ කිරීමට මේ මුදල ලබා දෙන බවත් මෙම මුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවත් කීය.