යුද්ධය අවසන් කරමින් වැදගත් කාර්ය භාරයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට බරපතල හානියක් සිදුවීයැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ශ්‍රීලනිප මහා සමුළුවේ ආරාධිත දේශනය පවත්වමින් කීවේය.
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සිට වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන දක්වා ශ්‍රීලනිපයේ නායකත්වය දැරුවන්ගේ සමයේ පක්ෂයට වූ සුබ සිද්ධිය ගැන ඔහු කතා කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ රටේ යම් කාර්ය භාරයක් වූ බවත්, යුද්ධය අවසන් වූයේ ඔහුගේ කාලයේ බවත් කී විජේසූරිය මහතා රාජපක්ෂ මහතා තම ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට අවැඩක් වූ බව කීවේය.
තමා ධුර කාලය වැඩි කර ගැනීම ගැන විජේසූරිය මහතා කියද්දී රාජපක්ෂ මහතා සිනාසෙමින් ජනපති දෙස ද බැලුවේය.
