ජාතික ආණ්ඩු යෑයි කියා ගනිමින් ඇමැති ධුර 48 ක් දක්වා වැඩිකරගත් ඇමැති මණ්ඩලයක වාඩි වෙන්න තරම් මේ මන්ත්‍රීවරුන්ට ලැඡ්ජාවක් කියල දෙයක් නැත්දැයි ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03 දා) ප්‍රශ්න කරනු ලැබුවා.
විවිධ නම් වලින් අරුත් ගන්වා, මහජනතාව රවට්ටා ජාතික ආණ්ඩුවක් නොවන ආණ්ඩුවක් සඳහා ඇමැති ධුර 30 ක් ප්‍රමාණවත් නම් ජාතික ආණ්ඩුවකට ඇමැති ධුර 48 ක් අවශ්‍ය වන්නේ මේ පක්ෂ දෙකේ අයට බෙදා ගන්න මිසක් රටට වැඩ කිරීමට නොවන බවත් දිසානායක මහතා කීය.
ඇමැති ධුර 48 කත්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර 45 කත් බර මේ රටේ අහිංසක ජනතාවට දැරිය නොහැකි බවත් ආණ්ඩුවේ වචන ලස්සන වුණාට,ක්‍රියාව ලස්සන නැති බවත් අනුර දිසානායක මහතා පැවසීය.
ඇමැති ධුර 48 ට ඇතුළත්ව ඇති විෂයයන් මොනවාද යන්නත්, ඇමැති ධුර 30 සිට 48 දක්වා ඉහළ නංවන්න හේතු මොනවාද යන්නත් තමන් දැනගත යුතු බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.