යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ තවත් ඇමැති ධුර 05ක්ද, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැති ධුර 45ක්ද දිවුරුම් දීමේ කටයුතු ලබන බදාදා කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් පක්ෂයේ පස්දෙනකු ඇමැති ධුරවල දිවුරුම් දීමට නියමිතය බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මීට අමතරව රාජ්‍ය ඇමැති ධුර හා නියෝජ්‍ය ඇමැති ධුර සම්බන්ධයෙන් පක්ෂ දෙක අවසන් එකඟතාවයකට නොපැමිණීම හේතුවෙන් එම ඇමැති ධුර පිරිනැමීම කල් දමා තිබේ. ලබන අඟහරුවාදා වන විට අවසන් එකඟතාවයකට පැමිණීමෙන් පසු දිවුරුම් දීමේ කටයුතු සිදුවනු ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව මලික් සමරවික්‍රම, ඒ.එච්.එම්. ෆවුසි, ඩග්ලස් දේවානන්දා යන මහත්වරු මෙම සතියේදී ඇමැති ධුරවල දිවුරුම් දෙනු ඇතැයි ද එමවාර්තාවල සඳහන්.