• Fri. Feb 3rd, 2023

maithripala sirisena

ගෙවී ගිය මාස අටක කාල සීමාව තුළ රටේ දේශපාලනයේ නව අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නව ඇමති මණ්ඩලය දිව්රුම් දීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක් වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

“මාව පොදු අපෙක්ෂක ලෙස සහාය දුන් පක්ෂ රාශයක් ලබාදුන් ජනවරම තුළ කටයුතු කළ දින 100ක තාවකාලික ආණ්ඩුවේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබුණේ සන්ධානයටයි.අපගේ දින 100 තිබු නව අයවැය යෝජනා හා 19 වැනි සංශෝධනයට සන්ධාන සහාය දුන්නා. අපි ජාතික ආණ්ඩුවක් හැදීමට තාවකාලික ආණ්ඩුවේදී යම් ප්‍රයන්තයක් දැරුවා එය සාර්ථක වුණා.අපි ජාතික රජයක් හදන්න කළ ආරාධනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වුණා.

අපි පසුගිය අතීත අත්දැකීම් ගත් විට ගෙවීගිය දශක කිහිපයක අමාත්‍ය මණ්ඩලයක් තෝරා ගැනීමේදී සංකිරණ තත්ත්වයක් අතීතයේදී පැනනැගුණා.2010 තුනෙන් දෙකක බලයක් ලැබිලත් අමාත්‍ය මණ්ඩලය තෝර ගැනීමේදි ගැටලු තිබුණා. ඒ අත්දැකීම් අපට තිබෙනවා වගේම ප්‍රධාන පක්ෂ දෙකෙන් ආණ්ඩුවක් හදන වි ගැටලු සංකීර්ණ ස්වාභාවය කොතෙක්ද කියා තේරීම් ගැනීම අවශය ආමත්‍යධුර, රාජ්‍ය අමාත්‍යධුර, හා නියෝජ්‍ය අමාත්‍ය ධුර තෝරාගනිත්දි ගැටලු ලැබුණත් දැක්වූ සහයෝගයට ස්තූතියි.

ඇමතිධුර ලැබුණ අය හිතන්නේ ලැබුණ ආයතන ගැන නොලැබුණ අය හිතන්නේ නොලැබුණ දේ ගැනයි.ලැ බුණ අයයි නොලැබුණ අයයි සතුටු කිරීම අපහසුයි. පාර්ලිමේන්තුවේ 225න් බහුතරයක් රජය සමග කටයුතු කරනවා.අමාත්‍යධුර වලින් පමණක් නෙමෙයි දිස්ත්‍රික් සංවර්ධන සභාපති ධූර තනතුරු, කාරක සභා හා ඊට අනුබද්ධ ආයතන ගණනාවක්, විමද්‍ය ගත මුදල් බෙදීමේදි සෑම දෙනෙකුටම සමාන බෙදී යන අයුරින් කටයුතු කරනවා.

දේශපාලඥයින්ද රහසින්වත් පවු නොකළ යුතුයි. රහසේ කළත් එය පැහැදිලිවම ජනතාව අතරට යනවා.

රහසේ කළත් එළිපිට කළත් වැරැද්දක් කියලා ජනතාව දන්නවා දූෂණ අක්‍රමිකතා පිටුදැකීමට ජනතාව බලාපොරොත්තු වෙනවා.

අගමැතිතුමත් මමත් පොදු කොමිටයක් පත්කරලා රාජ්‍ය ආයතනවලට පුද්ගලයින් පත්කිරීමේ සුදුසු පුද්ගලයින් පත්කරනවා. ආයතනවලට පත්කිරීම් කිරිමේදී ඒ කොමිටියෙන් පත්කරනවා.

නමුත් ඇමතිවරුන්ට ඉල්ලිමී කරන්න පුලුවන්. වඩාත්ම සුදුසු පුද්ගයින් පත්කිරිමට කටයුතු කරනවා. වසර හතරහමාරක් යනකම් ආණ්ඩුව විසුරුවන්න බෑ.

මේ මන්ත්‍රී මණ්ඩලයම තමයි අවුරදු පහක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. අවුරුද දෙක ගතවූ පසුව ඉදිරියේදි කරන්නේ මොනවද කියලා හිතන්න පුළුවන්.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මාගේ උපදෙස් මත පොදු කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තුවන බවද ඇමැතිවරුන්ට තනතුරු සඳහා නිර්දේශිත නාමයන් එම කමිටුව වෙත ඉදිරිපත් කළ හැකි බවද ජනාධිපතිවරයා පැවසීය .

සුදුකම් ඇති, අවශ්‍ය ගුණාත්මක භාවය ඇති අවංකභාවයෙන්යුත් පුද්ගලයන් පත් කැර ගත යුතු බවද ඒ සඳහා ඇමැතිවරුන් ඔවුනගේ සුදුසුකම් සහිත නිර්දේශ ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.

පසුගිය දින සියයේ දී සභාපතිවරු ,අධක්ෂ්‍ය මණ්ඩලය පත් කිරීමේ බලතල ඇමැතිවරුන්ට ලබා දී තිබූ බවද එහෙත් ඉදිරියේදී එම ක්‍රමවේදය වෙනස් වන බවත් ජනාධිපතිවරයා පැවසීය .

අවුරුදු පහක ආණ්ඩුවක් සඳහා බලය හිමිව ඇතැයි කී ජනාධිපතිවරයා දෙවසක් සඳහා ජාතික ආණ්ඩුවකට අවතීර්ණ වූ බවද කීවේය .

පස්වසර අවසන් වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා නොහැරෙන බව කී ජනාධිපතිවරයා ඒ අනුව මෙම ඇමැති මණ්ඩලයම නැවත පත් වෙනු ඇතැයි අනාවරණය කෙළේය .

ඇමැතිවරුන්ගේ ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී කමිටු නිර්දේශ මත පත් කිරීමට ඇමැතිවරුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවද සුදුසු අය පත් කිරිමට ඇමැතිවරුන්ගේ අනුමැතිය යටතේ පත් කිරීමට කටයුතු කරන බව පැවසීය .

අවුරුදු පහක ආණ්ඩුවක් සඳහා බලය හිමිව ඇතැයි කී ජනාධිපතිවරයා දෙවසක් සඳහා ජාතික ආණ්ඩුවකට අවතීර්ණ වූ බවද කීවේය .

පස්වසර අවසන් වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා නොහැරෙන බව කී ජනාධිපතිවරයා ඒ අනුව මෙම ඇමැති මණ්ඩලයම නැවත පත් වෙනු ඇතැයි අනාවරණය කෙළේය .

දෙවසරක අත්දැකීම් පොදු ප්‍රතිපත්ති අනුව ඉදිරි තෙවසර පිළිබඳ තීන්දු කළ හැකිවනු ඇතැයිද මෙම සම්මුතිවාදී ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් ඉතා සාර්ථක එකක් වනු ඇතැයිද හෙතෙම කීය .

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට සම්මත කිරීමට සහ අයවැය සම්මත කැර ගැනීමට ජනවාරි 8 වැනිදා පිහිටුවන ලද තාවකාලික ආණ්ඩුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහාය දුන්නද ජනවාරි 8 වැනිදා ප්‍රතිඥාවට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම බවත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් පාර්ලිමේන්තුව නියොජනය කරන සියලු පක්ෂවලට අගමැතිවරයා ආරාධනා කළ බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ

ෂ්‍රීලංකා නිදහස් පක්ෂය එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ බවද ඒ අනුව ඇමැති මණ්ඩලය තෝරාපත් කැර ගත් බවත් කීවේය . බහුතරය එකම පක්ෂයකට හිමිව තිබුණද ඇමැති මණ්ඩලය පිහිටුවීම විශාල සංකීර්ණ ප්‍රශ්නයක් බව කී ජනාධිපතිවරයා එහෙත් වත්මන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේ දී ගැටලු සංකීර්ණ ප්‍රශ්න තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය බව කීය .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැතිධූර 15ක්ද රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධූර 18ක් බව කී ජනාධිපති වරයා එක්සත් ජාතික පෙරමුණට ඇමැතිධූර 33ක් බවත් ඉන් 26ක් පමණක් එක්සත් ජාතික පක්ෂයට හිමිව සහාය පිළිබඳ ගෞරවනීය ස්තූති පුදකරනවා .

කෘතස්ජන ලෝකයේ සියලු දෙනාම සතුටුවන අයුරින් ඇමැතිකම් ලබා දීම ඉතා අසීරු ඉලක්කයක් බව කී ජනාධිපතිවරයා එහෙත් ඇමැතිවරු පත් කිරීම පිළිබඳ සතුටු වන බව පැවසීය .

ජාතික ආණ්ඩුවක දිස්ත්‍රික් සංවර්ධන සමිතිවල ප්‍රාදේශීය සංවර්ධන සමිතිවල සභාපති ධූරත් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට යෝජිත නව කාරක සභා සහ අනුබද්ධ ආයතන සහ රටේ සංවර්ධනමුදල් බෙදීයන ලෙස විමධ්‍යගත මුදල් ලබා දිමට තීරණය ගෙන තිබෙනවා .

රටේ ජනතාවගේ නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය ,යහපාලනය සඳහාත් ආයතනවල දූෂණ වංචා අක්‍රමිකතාවලින් තොරව කටයුතු කිරීමට අවුරුදු දෙකක් සඳහා එකම පිරිසක් එකම ආණ්ඩුව ඇමැති මණ්ඩලය ලෙස කටයුතු කිරීමට අවශ්‍ය යැයිද කීවේය .

බුදුන් සඳහන් කළ ආකාරයට දේශපාලඥයන් , රාජ්‍ය නිලධාරීන් රහසින්වත් වංචා දූෂණ අක්‍රමිකතා නොකළ යුතු යැයිද ඔවුන් කොතෙක් රහසින් කළද ඒවා රහස් නොවන බවද අනාවරණය කෙළේය.

දූෂණ වංචා අක්‍රමිකතාවලින් තොරව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරෙන යහපාලයනයක් ජනතාව බලාපොරොත්තුවන බවද එය ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කෙළේය .

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආයතනවල සභාපතිවරු අධක්ෂ්‍ය මණ්ඩලය පත් කැර ගැනීමේදී පොදු කමිටුවක් පත් කැර ඉදිරියේ සතියේ සිට පත් කිරීමට බලාපොරොත්තුවන බව ඒවාට සුදුකම් ඇති තනතුරට අවශ්‍ය ගුණාත්මක භාවය ඇති අවංකබව ප්‍රමිතිය ඇති අය පත් කැර ගැනීමට සම්බන්ධ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ තමා සාකච්ඡාකොට ඇතැයිද

පසුගිය දින සියයේදී ඒ සඳහා බලතල ඇමැතිවරුන්ට ලබා දී ඇතැයිද දෙවසරක අත්දැකීම් පොදු ප්‍රතිපත්ති අනුව ඉදිරි තෙවසර පිළිබඳ තීන්දු කළ හැකිවනු ඇතැයිද මෙම සම්මුතිවාදී ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් ඉතා සාර්ථක එකක් වනු ඇතැයිද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *