• Thu. Feb 2nd, 2023

විද්‍යාත්මක පදනමකින් ඇමැති විෂයන් බෙදා නෑ – විපක්ෂයෙන් චෝදනා

anura kumara

“පරණ පුරුදු විගඩම් අච්චාරු ඇමැති මණ්‌ඩලයක්‌ මිස,මෙය කිසිසේත්මක විද්‍යාත්මක පදනමක්‌ මත විෂයයන් බෙදූ ඇමැති මණ්‌ඩලයක්‌ නොවේ යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04දා) ප්‍රකාශ කළේය.

ජනවාරි අටවැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ ජනවරම තුළ තිබෙන්නේ රාජපක්‍ෂ විරෝධය පමණක්‌ නොව එම රජයේ කැබිනට්‌ මණ්‌ඩලයටද දැක්‌ වූ විරෝධය බව කී දිසානායක මහතා එදා ජනතාව ප්‍රතික්‍ෂේප කළ දූෂිත ඇමැතිවරුන්ට මෙවරද ඇමැතිධුර පිරිනැමීමෙන් යහපාලනයේ තරම පෙනෙන බවද සඳහන් කළේය.

දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට පටහැනිව ඇමැති ධුර ඉහළ දැමීමෙන් රනිල්-මෛත්‍රී පාලනය ආරම්භයේදීම පෙන්වා දී තිබෙන්නේ බල වුවමනාව මත ව්‍යවස්‌ථාව පසෙක තැබීමට සූදානම් බව යැයිද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ දින දිවුරුම් දුන් කැබිනට්‌ මණ්‌ඩලය මෙසේය.

01. රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය

02. ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය

03. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා – තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය

04. නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන අමාත්‍ය

05. එස්‌. බී. දිසානායක මහතා – සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍ය

06. ඩබ්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා

07. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය

08. අනුර ප්‍රියදර්ශන යාපා මහතා – ආපදා කළමනාකරණ අමාත්‍ය

09. සුසිල් ප්‍රේමජයන්ත මහතා – තාක්‍ෂණ, තාක්‍ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය

10. තිලක්‌ ජනක මාරපන මහතා – නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය

11. රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය

12. රවී කරුණානායක මහතා – මුදල් අමාත්‍ය

13. මහින්ද සමරසිංහ මහතා – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය

14. වජිර අබේවර්ධන මහතා – ස්‌වදේශ කටයුතු අමාත්‍ය

15. එස්‌. බී. නාවින්න මහතා – අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්‌කෘතික කටයුතු

16. පාඨලී චම්පික රණවක මහතා – මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය

17. මහින්ද අමරවීර මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

18. නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත අමාත්‍ය

19. රංජිත් සියඹලාපිටිය මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍ය

20. දුමින්ද දිසානායක මහතා – කෘෂිකර්ම අමාත්‍ය

21. විජයදාස රාජපක්‌ෂ මහතා – අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය

22. පී. හැරිසන් මහතා – ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

23. රවුෆ් හකීම් මහතා – නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය

24. රිෂාඩ් බදුර්දීන් මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය

25. කබීර් හෂීම් මහතා – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

26. රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය

27. ගයන්ත කරුණාතිලක මහතා – පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය

28. සජිත් ප්‍රේමදාස මහතා – නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය

29. අර්ජුන රණතුංග මහතා – වරාය සහ නාවික කටයුතු අමාත්‍ය

30. එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා – ඉඩම් අමාත්‍ය

31. යූ. පී. දිගම්බරන් මහතා – කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය

32. චන්ද්‍රානි බණ්‌ඩාර මහත්මිය – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය

33. තලතා අතුකෝරල මහත්මිය – විදේශ

34. අකිල විරාඡ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය

35. අබ්දුල් හලීම් මොහමඩ් හෂීම් මහතා – තැපැල්, තැපැල් සේවා හා මුස්‌ලිම් ආගමික කටයුතු

36. ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා – පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික

37. චන්දිම වීරක්‌කොඩි මහතා – ඛනිජතෙල් හා පෙට්‌ට්‍රොඅලියම් වායු පිළිබඳ අමාත්‍ය

38. දයාසිරි ජයසේකර මහතා – ක්‍රීඩා අමාත්‍ය

39. සාගල රත්නායක මහතා – දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය

40. හරීන් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය

41. මනෝ ගනේෂන් මහතා – ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය

42. දයා ගමගේ මහතා – ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *