රාජපක්ෂවරුන් අට දෙනෙකු සතුව ඇමෙරිකාවේ තිබෙන දේපල පිළිබඳව කරුණු දැක්වීම සඳහා එරට අධිකරණයක් විසින් සිතාසි නිකුත් කර තිබෙන බව ඇමෙරිකාවේ පළවන ෆොරීන් පොලිස් සඟරාව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකානු පුරවැසියන් වන බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, දුමින්ද මනෝජ් රාජපක්ෂ, පුෂ්පා රාජපක්ෂ, තේජානි රාජපක්ෂ, බිසල්කා රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අයට මෙලෙස සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ.
රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් ලක්ෂ 65ක් හෙවත් රුපියල් කෝටි 87කට අධික මුදලක් යොදවා ඇති බවත් එම මුදලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳවද ඇමෙරිකාවෙන් විමර්ශනය කරන බවද පැවසේ.
රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු ඇමෙරිකාවේ තානාපති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරනු ලැබූ අතර ඔහු නීති විරෝධීව ඇමෙරිකාව තුළ විශාල වශයෙන් තේකොළ ජාවාරමේ නිරත වූ බවට මීට පෙර මාධ්‍ය හරහා වාර්තා කෙරිණි.
අමෙරිකාව නම් නීතිය අකුරට කරවී..මොකද..ලංකාවේ වගේ..නීතිපතිලා එහෙ නැති නිසා….