“ඕන ගොනෙකුට තේරෙනවා මේ ඇමති මණ්ඩලය පත් කිරීම වැරදියි කියලා. මේ කොහේදෝ ඉඹා ගතේ යනවා. ව්‍යවස්ථාවේ තියන්නේ ඇමති මණ්ඩලය 30 යි කියලා. දැන් සියක් විතර පත් කරන්න යනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු යටත් ඇමතිකම් දීලා. මේක පිළිකුල් සහගත ක්‍රියාවක්,යැයි සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
උන් වහන්සේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වෙත අදහස් දක්මින් වැඩිදුරටත් සදහන් කොට සිටියේ මුළු රටම බලවත් කම්පාවෙන් බලා ඉන්නවා මොකද වෙන්නේ කියලා. මිට වැඩිය ලස්සන ගමනක් යන්න තිබුනා.කොහෙද මේ යන්නේ පැරදිච්ච හොරුන්ටත් මන්ත්රීකම් දීලා. යහපාලනය තේමාව කර ගනිමින් පිහිටවූ ජාතික ආණ්ඩුවද සීමාව ඉක්මවා යමින් කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවද උන් වහන්සේ මෙහිදී සදහන් කොට සිටියේය.
තමා මේ අදහස් දක්වන්නේ මේ ආණ්ඩුව බලයට පත්කිරීම සදහා වෙහෙස වූ සංවිධානයක් වශයෙන් ඒ විවේචනය එල්ල කිරීමට තමන්ට අයිතියක් තිබීම විසින් බවත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමත් සමගම ජාතික ආණ්ඩුවද අක්‍රමවත් මාවතකට ප්රවිශ්ඨ වීමේ ලකුණු පහල වෙමින් තිබෙන බවද උන් වහන්සේ සදහන් කොට සිටී.ඕන ගොනෙකුට තේරෙනවා මේ ඇමති මණ්ඩලය පත් කිරීම වැරදියි කියලා. මේ කොහේදෝ ඉඹා ගතේ යනවා. ව්‍යවස්ථාවේ තියන්නේ ඇමති මණ්ඩලය 30 යි කියලා. දැන් සියක් විතර පත් කරන්න යනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු යටත් ඇමතිකම් දීලා. මේක පිළිකුල් සහගත ක්‍රියාවක්. යැයි සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
උන් වහන්සේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වෙත අදහස් දක්මින් වැඩිදුරටත් සදහන් කොට සිටියේ මුළු රටම බලවත් කම්පාවෙන් බලා ඉන්නවා මොකද වෙන්නේ කියලා. මිට වැඩිය ලස්සන ගමනක් යන්න තිබුනා.කොහෙද මේ යන්නේ පැරදිච්ච හොරුන්ටත් මන්ත්රීකම් දීලා. යහපාලනය තේමාව කර ගනිමින් පිහිටවූ ජාතික ආණ්ඩුවද සීමාව ඉක්මවා යමින් කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවද උන් වහන්සේ මෙහිදී සදහන් කොට සිටියේය.
තමා මේ අදහස් දක්වන්නේ මේ ආණ්ඩුව බලයට පත්කිරීම සදහා වෙහෙස වූ සංවිධානයක් වශයෙන් ඒ විවේචනය එල්ල කිරීමට තමන්ට අයිතියක් තිබීම විසින් බවත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමත් සමගම ජාතික ආණ්ඩුවද අක්‍රමවත් මාවතකට ප්රවිශ්ඨ වීමේ ලකුණු පහල වෙමින් තිබෙන බවද උන් වහන්සේ සදහන් කොට සිටී.
(theindependent)