• Tue. Feb 7th, 2023

 

 

maithripala and ranilජනපති අගමැති එකමුතුකම ගමටත්, යා යුතු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ 69 වැනි සංවත්සර උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඊයේ (6 දා) සිරිකොතදී පැවැසීය.

ඉදිරියේදී නව ආණ්‌ඩුවට මුහුණදීමට තිබෙන අභියෝග අප තේරුම් ගත යුතු බවත් එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අත්වැල් බැඳගෙන සහෝදරත්වයෙන් ගමනක්‌ යැමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඉදිරි වසර දෙකක කාලයේ පක්‍ෂ දෙකක්‌ ලෙස නොව ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කොට රට දියුණු කිරීමට කැපවිය යුතු බවත් එම උතුම් ජනතාවාදී බලාපොරොත්තු ඉටුකරමින් මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

ranil1-436x338පසුගිය ජනාධිපතිවරණයේදී රටට අවශ්‍ය වෙනස සඳහා ජනාධිපතිවරයා ලෙස තමා පත්කර ගැනීමට ප්‍රමුඛත්වය ගත් එ.ජා.ප. නායකයා ප්‍රමුඛ පාක්‍ෂිකයන්ට ද තම ස්‌තුතිය පුදකරන බව පැවසූ ජනාධිපතිවරයා එය සැබෑ ලෙසටම තම හදවතේ සටහන් වී තිබෙන කිසිදා නොමියෙන සටහනක්‌ බව ද කියා සිටියේය.

රටේ ජනතාව රට නව රජයට බාරදී ඇත්තේ ඔවුන්ගේ අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට බැව් සිහිපත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒවා කොතෙක්‌ දුරට දේශපාලනඥයන් ඉෂ්ට කරන්නේදැයි ජනතාව දැඩි අවධානයකින් බලා සිටින බව ද කීය.

සතුරන් දුර්වලයි කියා නොසිතා සතුරන් පිළිබඳ අඩු තක්‌සේරුවක නොසිට කටයුතු කිරීම දේශපාලනයේ අත්‍යවශ්‍ය වූ න්‍යායක්‌ හා ප්‍රතිපත්තියක්‌ බව පැහැදිලිව තේරුම් ගත යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ඊළාම්වාදීන් සයුරෙන් එහා සිට අප රට බෙදන්නට මතවාදවලින් උත්සාහ දරද්දී පසුගිය කාලයේ රට පාලනය කළ ඇතැමුන් රට තුළ හිඳිමින් අප යන ගමන ආපසු හරවන්නට දරන්නා වූ අසාර්ථක උත්සාහයන් පිළිබඳව ද කල්පනාකාරී විය යුතු බව ඒ මහතා සිහිපත් කළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක්‌ ගොඩනඟාගෙන ඉදිරියට යැමේදී අප යන ගමන ආපස්‌සට හැරවීමට දරන්නා වූ උත්සාහයන් සම්පූර්ණයෙන් ව්‍යර්ථ කිරීමට අප කල්පනාකාරී විය යුතු බව ද පවසා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එන අභියෝගවලට සාර්ථකව මුහුණ දී අද ජීවත්වන ජනයාටත් හෙට දවසේ උපදින දරුවන්ටත් යහපත් රටක්‌ උදාකරලීමට කැපවිය යුතු බව ද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *