• Fri. Feb 3rd, 2023

ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය ඇරඹේ.

maithripala and harin
දෙස් විදෙස් තොරතුරු තාක්ෂණ විද්වතුන්ගේ දැනුම වෘත්තීයවේදින් අතරට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා පරිගණක සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2015 සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

අද ආරම්භ කෙරෙන සම්මන්ත්‍රණය තෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදින්ගේ දැනුම වැඩිදියුණු කිරීම, නවතම දැනුම ඔවුන් අතර ඛෙදා හදා දීම මෙන්ම ඔවුන් අතර සබදතා දියුණු කිරීමත් විදේශීය වෘත්තීයවේදින් හා ක්ෂේත්‍රය සමග සබදතා වැඩිදියුණු කිරිමත් මෙම ගින් අපේක්ෂා කෙරේ.

මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ 33 වන වරටය.

01ශ්‍රී ලංකා පරිගණක සංගමයේ වසර 33 ක ගමන් මග පිළිබද ලියවුණු ග්‍රන්ථයක්ද ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති අචාර්ය දයාන් රාජපක්ෂ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

02 04 05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *