පක්ෂ,විපක්ෂ මැති ඇමතිවරුන් විසින් කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති රුව සහිත සියලු කටවුට් වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාට ඉකුත් 05 වැනි දා රාත්‍රි දැනුම්දීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ දැනුම්දීම අනුව නගරාධිපතිවරයා ඉකුත් 05 වැනි දා රාත්‍රියේම විශේෂ කණ්ඩායමක් යොදවා ජනාධිපතිවරයාගේ කටවුට් ඉවත් කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලැබුවත් අද දහවල් වනතුරුත් බොරැල්ල ආශ්‍රිතව ජනපති රුව රැගත් කටවුට් බොහෝමයක් දක්නට ලැබුන බවත් අප වාර්තා සඳහන් කර සිටිනවා.