ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යැමෙන් මෙරටට ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු විවිධ ද්‍රව්‍ය රැසක මිල ඉදිරි දිනවලදී ඉහළ යෑමේ අවධානමක් මතුව තිබෙනවා.
පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳුන් පවසන්නේ පසුගිය දිනවල ඩොලරයේ අගය රුපියල් 13 දක්වා ඉහළ ගිය අතර එම තත්ත්වය දිගටම පවතින්නේ නම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ නංවන්නට සිදුවන බවයි.
පසුගිය කාලය තුළ ඩොලරයේ අගය ස්ථාවරව පවත්වාගෙන යැම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තම විදේශ සංචිත යෙදවීම නිසා විශාල බරක් දරන්නට රජයට සිදුවිය.