• Fri. Feb 3rd, 2023

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නිර්මාණයකට ලොව දෙවන තැන.

ruhunu campus

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂණික නිර්මාණයකට ලෝකයෙන්ම දෙවන ස්ථානය හිමි වී ඇති බව වාර්තා වෙනවා.
ඔවුන් එම තරගය සදහා ඉදිරිපත් කර ඇත්තේ ලැප්ටොප් පරිගණකයක් සඳහා නවීනතම සිසිලන පද්ධතියකි.මෙම තරගාවලිය බ්‍රිතාන්‍යයේ ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරන ලද්දක් වන අතර එය ග්ලෝබල් චැලේන්ජ් – 2015 ලෙස නම් කර තිබූණි.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තනුර මාලිංග, නජාත් අක්රම් යන සිසුන් දෙදෙනා සහ නිර්මාණි රංචාගොඩ සිසුවිය එක්ව ඉදිරිපත් කරන ලද මෙම ‘ලැප්ටොප් සිසිලන පද්ධතිය’ නිර්මාණය අංශ කිහිපයක් යටතේ වැදගත් බවයි බ්‍රිතාන්‍යය ඉන්ජිනේරු ආයතනයේ නිර්දේශය වී ඇත්තේ.11986933_926639960744112_100308111932981893_n

ඒ අනූව රටවල් 157 කින් ඉදිරිපත් වූ නිර්මාණ 250ක් අභිබවමින් එම සිසුන් විසින් ඉදිරිපත් කරන ලද ලැප්ටොප් පරිගණක සඳහා වන සිසිලන පද්ධතියේ ආකෘතිය ලොව දෙවන ස්ථානයට තේරී පත්ව තිබේ.


මෙම ලැප්ටොප් සිසිලන පද්ධතියේ වැදගත්කම වන්නේ අවට වාතයේ අති දූවිලි සහ තෙතමනය ඉවත් කර එම වාතය ලැප්ටොප් පරිගණකය වෙත ඇතුළු කිරීමය.

තනුර මාලිංග සිසුවා සහ නිර්මාණි රංචාගොඩ සිසුවිය මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කරමින් සදහන් කරන්නේ ඉදිරියේදී මෙය වෙළදපළට භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමට සහ මේ සදහා පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *