• Mon. Feb 6th, 2023

බියගුල්ලෙකු කළ ආරක්ෂක ලේකම් පුටුවට මම යන්නේ නෑ – ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා

BySandun

Sep 8, 2015

sarath fonseka

ත්‍රස්තවාදීන්ට බියේ හමුදාවෙන් පැනගොස් වෙනත් රටක කුලී සේවාවන් කොට නැවත තම අයියා බලයට පත්වූ පසු පැමිණ ආරක්ෂක ලේකම් කම දැරූ කෙනෙකු සිටි පුටුවට මා පත්නොවන බවත්, තමා මේ වනවිට දරමින් සිටින ෆීල්ඩ් මාෂල් තනතුර ඉතා උසස් තනතුරක් බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ (07) රාත්‍රීයේ සහභාගී වූ රූපවාහිනි වැඩසටහනකදී ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ආරක්ෂක ලේකම් තනතුර භාර ගැනීමෙන් හමුදාවෙන් මා හට ලබාදී ඇති මේ උසස් තනතුරට අගෞරවයක් බවත් මේ වනවිට තමාට කැබිනට් ඇමැතිවරයෙකුට වඩා උසස් තනතුරක් ලැබී ඇති බවත් එවැන්නෙකු ආරක්ෂක ලේකම් ධූරය භාර නොගන්නේයැයිද සදහන් කොට සිටියේය.

එසේම මෙම සාකච්ඡාවේදී ඔහු ඉතා හැගීම්බර වූ අතර එය මාධ්‍ය වේදීන් ඇසූ පැනයකට පිළිතුරු දීමට යාමේදී සිදුවිය. ඔහු එහිදී අදහස් දක්වා සිටියේ රාජපක්ෂවරු විසින් තමාට කොතරම් ම්ලේච්ඡ ලෙස සැලකු‍වේද යත් තමා හිරගෙදර සිටින විට තමා බැලීමට පැමිණි තම බිරිදට ඒ සදහා අවසර ලබානොදුන් බවත් ඇයට දින 2කට වරක් පමණක් පමණක් ඉතා සුළු වේලාවක් තමා බැලීමට අවසර තිබූ බවත් එහෙත් බොහෝ වේලාවන්හිදී ගේට්ටුවෙන්ම හරවා යැවූ අවස්ථාවන් තිබූ බවත් සදහන් කොට සිටි අතර එම අවස්ථාවේදී ඔහුගේ දෑසට කදුළු ගලා විත් පිළිතුරු දීගත නොහැකි තත්වයකට ද පත්විය.

කෙසේ නමුත් ඔහු දිගින් දිගටම සදහන් කොට සිටියේ තමන් මේ රට සුඛිත මුදිත කිරීම සදහා වන බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවත් ජනතාවට සේවය කිරීම සදහා මේ තරම් දුක් වින්ද බවත්ය.

https://www.facebook.com/apearata/videos/839917712782698/?video_source=pages_finch_main_video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *